About Sujith
BSc. Engineering (Hons), University of Ruhuna. උසස් පෙළ භෞතික විද්‍යාව, සිංහල මාධ්‍යයෙන්, වසර 20+ ක්.

- උපාධිය
- BSc. Engineering (Hons)
- විශ්වවිද්‍යාලය
- University of Ruhuna
- ඉගැන්වීම
- 20 වසර
- පන්ති
- ගාල්ල, මාතර, ඔන්ලයින්
රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පීඨයෙන් ගෞරව උපාධියක් ලබාගත් සුජිත් ලියනගේ, තම වෘත්තීය ජීවිතය ගත කරන්නේ පන්ති කාමරය තුළය.
වසර 20ක අත්දැකීම, අඛණ්ඩ විශිෂ්ට ප්‍රතිඵල සහ සිසුන්ගේ විශ්වාසය ඔහුගේ අධ්‍යාපන ගමනේ සැබෑ මිනුම් දඬුය. ගාල්ල සහ මාතරින් ඇරඹුණු ඒ ගමන අද දිවයින පුරා විහිදේ.
ඔහුගේ අරමුණ දැනුම පමණක් නොවේ. දැනුමෙන් හා යහපත් ආකල්පවලින් සන්නද්ධව, අධ්‍යාපනය තුළින් තම ජීවිත ජයගන්නා තරුණ පරපුරක් මෙරටට දායාද කිරීමයි.
වතුර බින්දුවෙන් බින්දුව එකතු වෙලා තමයි මහා ගංගා, ඇල දොල හැදෙන්නේ. වතුර බින්දුවෙන් බින්දුව පිරිලා තමයි මහා ගංගා, ඇල දොල පිරිලා ඉතිරිලා යන්නේ.
වසර ගණනාවක් තිස්සේ දැනුම සහ අත්දැකීම් ටිකෙන් ටික එකතු වෙලා තමයි අවසානයේ පරිණත මිනිසෙක් බිහිවෙන්නේ. ඒ පරිණත මිනිසා තමයි මේ විශ්මිත ලෝකය අසිරිමත් තැනක් කරන්නේ.
උත්සාහවන්ත වෙන්න. ඔබේ ජීවිතය වෙනුවෙන් කැපවෙන්න. කරදර, බාධක හමුවේ වැටී වැටී නැගිටින්න. කවදාවත් රෝස මල් පලසක් මතින් ජයග්‍රහණය බලාපොරොත්තු වෙන්න එපා.
ශක්තිමත් අරමුණක් සහිත කෙනෙක්ව දුර්වල කරන තරම් බලවේගයක් මේ ලෝකේ නැහැ කියලා.
